බස් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්
July 21, 2026 10:56 am
යාපනය - මහනුවර (A9) ප්‍රධාන මාර්ගයේ මරදන්කඩවල මිදිවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී මගී බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
පොලීසිය සඳහන් කළේ, කොළඹ සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මගී බස් රථය, ඊට ඉදිරියෙන් ගමන්ගත් මාර්ගයේ දකුණු පසට හැරවමින් තිබූ ලොරි රථයක පිටුපස බදෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අද (21) සිදුවූ අනතුරින් අනතුරින් බස් රථයේ රියදුරු තුවාල ලබා කැකිරාව මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කඩවල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
