ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන්  තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

July 21, 2026   08:15 am

මැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම කුවේට් රාජ්‍යය වෙත සිදුකරන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.

ඒ අනුව, ඊයේ (20) සිට ජූලි 26 වන දින දක්වා කුවේට් රාජ්‍යය වෙත සිදුකරන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවා ති‍බේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා 1979 ක්ෂණික දුරකථන අංකය හරහා හෝ +94 11 777 1979 හෝ +94 74 444 1979 යන වට්ස්ඇප් අංකයට කෙටි පණිවුඩයක් යොමු කළ හැකිය.

එසේත් නොමැති නම් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.