හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කලීල් අල්-හයියා පත් කෙරේ
July 20, 2026 09:36 pm
හමාස් සංවිධානයේ සමස්ත නායකයා ලෙස කලීල් අල්-හයියා (Khalil Al-Hayya) පත් කර ඇති බව එම සංවිධානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
2024 ඔක්තෝබර් මාසයේදී ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය යාහ්යා සින්වර් (Yahya Sinwar) වෙනුවට ඔහු මෙම ධුරයට පත්ව ඇත.
කලීල් අල්-හයියා යනු හමාස් සංවිධානයේ ප්‍රධාන සාකච්ඡාකරුවෙකු වන අතර, ඔහු දැනට කටාර් රාජ්‍යයේ ඩෝහා හි පිටුවහල්ව ජීවත් වේ.
ඔහු වඩාත් දැඩි මතධාරී නායකයෙකු ලෙස සැලකේ.
2023 ඔක්තෝබර් ප්‍රහාරයෙන් පසු ඇරඹි වසර දෙකක යුද්ධය නිසා හමාස් සංවිධානය දැඩි පසුබෑමකට ලක්ව ඇත.
