කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
July 20, 2026 08:24 pm
නැගෙනහිර පළාත සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, නැගෙනහිර පළාතේ සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පැවතිය හැකි බව නිවේදනයේ සඳහන් වෙයි.
