නව නාවික හමුදාපති ජනාධිපති ලේකම් හමුවෙයි

නව නාවික හමුදාපති ජනාධිපති ලේකම් හමුවෙයි

July 20, 2026   12:38 pm

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (20) පෙරවරුවේ පැවැත්විණ. 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපති ධුරයට පත්වීම පිළිබඳව ජනාධිපති ලේකම්වරයා විසින් නාවික හමුදාපති වෙත මෙහිදී සිය සුබ පැතුම් පිරිනමනු ලැබීය.

මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාපති විසින් ජනාධිපති ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදී.