ඉරාන ප්‍රහාරයකින් තවත් අමෙරිකානු සෙබළෙකු මරුට
සයුරෙන් එතෙර

ඉරාන ප්‍රහාරයකින් තවත් අමෙරිකානු සෙබළෙකු මරුට

July 20, 2026   06:35 am

ඉරාන ප්‍රහාරයකින් පසු උතුරු ඉරාකයේදී තවත් අමෙරිකානු හමුදා සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු මධ්‍යම හමුදා විධානය (CENTCOM) සඳහන් කර ඇත්තේ, ඉරානයට අයත් ප්‍රහාරක ඩ්‍රෝන යානයක් කඩා වැටීමෙන් පසු එහි තිබූ පුපුරා නොගිය යුධෝපකරණ පාලිත ලෙස පුපුරුවා හැරීමේ මෙහෙයුමකදී මෙම මරණය සිදුව ඇති බවයි.

මේ අතර, ජෝර්දානයේ අමෙරිකානු හමුදා කඳවුරකට සිකුරාදා එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය අමෙරිකානු සෙබළුන් දෙදෙනාට අමතරව අතුරුදන්ව සිටි තවත් හමුදා සාමාජිකයෙකු සම්බන්ධයෙන් සිදුකළ සෙවීමකදී හඳුනා නොගත් මිනිස් අවශේෂ හමුවී ඇති බව CENTCOM නිවේදනය කර තිබේ.

එම මිනිස් අවශේෂ සම්බන්ධයෙන් තහවුරු කිරීමේ පරීක්ෂණ ක්‍රියාවලියක් මේ වනවිට සිදුවන බවද වාර්තා වේ.