මාතර - වැල්ලමඩම ප්‍රදේශයේ  මාරක අනතුරක්

මාතර - වැල්ලමඩම ප්‍රදේශයේ මාරක අනතුරක්

July 19, 2026   04:57 pm

මාතර, වැල්ලමඩම ප්‍රදේශයේ අද (19) සවස සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 06දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

දෙවුන්දර සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබු සිමෙන්ති පැටවූ ලොරි රථයක් හා මාතර දෙස සිට දෙවුන්දර දෙසට ධාවනය වෙමින් තිබු ඩිෆෙන්ඩර් රථයක් එකිනෙක ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇත. 

පොලීසිය පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේදි ඩිෆෙන්ඩර් රථය තුළ පුද්ගලයින් 07දෙනෙකු ගමන් කර ඇති බවය.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඩිෆෙන්ඩරයේ රියදුරු ලෙස ක⁣ටයුතු කළ පුද්ගලයා වන අතර තුවාල ලැබූ හය දෙනොගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බව ද රෝහල් ආරංචි මාර්ග පැවසීය.

අනතුරින් ඩිෆෙන්ඩර රථයට දැඩි හානි සිදුව ඇති අතර එය එක් දිනක් සඳහා කුලී පදනම මත අදාළ පිරිස විසින් ලබා ගෙන ඇති බවට ද අනාවරණය වී ඇත.

අනතුර සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.