සුදු කතගේ මරණාසන්න සෙල්ෆිය
July 19, 2026 04:56 pm
දුම්රියේ ගමන් කරන අතරතුර සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ තුර්කි ජාතික තරුණියක් දුම්රියෙන් ඇදවැටී බරපතළ තුවාල ලබා තිබේ.
අද (19) පෙරවරුවේ නානුඔය සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක ගමන් කරමින් සිටි තුර්කි ජාතික තරුණියක් අඹේවෙල ප්‍රදේශයේදී මෙලෙස දුම්රියෙන් ඇදවැටී ඇති බව සඳහන් වේ.
තුර්කි ජාතික තරුණියන් තිදෙනෙකු මෙම දුම්රියේ ගමන් කර ඇති අතර, සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී අදාළ තරුණිය දුම්රියෙන් බිමට වැටී ඇති බව වාර්තා වේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඇය ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනනුවර රෝහල වෙත මාරුකර යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.
