සැකකටයුතු දෙදෙනෙකු පරීක්ෂාවේදී පිළියන්දලදී පොලිස් වෙඩි තැබීමක්

සැකකටයුතු දෙදෙනෙකු පරීක්ෂාවේදී පිළියන්දලදී පොලිස් වෙඩි තැබීමක්

July 19, 2026   07:42 am

පිළියන්දල, බෝකුන්දර, වීරසිංහ මාවත ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට යාමේදී පොලිස් වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ අද (19) උදෑසන මත්ද්‍රව්‍ය සම්බන්ධව සිදුකරන ලද වැටලීමක් අතරතුරදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.

එහිදී යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට තැත් කිරීමේදී එක් සැකකරුවෙකු පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ ගෙන තිබේ

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ පොලීසිය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදී එක් සැකකරුවෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ එම සැකකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

යතුරුපැදියේ පැමිණි අනෙක් තැනැත්තා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.