තැන තැන හමුවෙන මළ සිරුරු

තැන තැන හමුවෙන මළ සිරුරු

July 15, 2026   05:42 am

ගලේවෙලින් සහ දැරණියගලින් මෘත ශරීර දෙකක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි. 

ඊයේ (14) සවස් කාලයේ ගලේවෙල පොලිස් වසමේ වයඹ ඇලේ හල්මිල්ලාගම පීලිපාලම ආසන්නයේ කාන්තා මෘත ශරීරයක් ඇති බවට ගලේවෙල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. 

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 82ක් වූ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකාරියකි. 

මෙම කාන්තාව මානසික ආබාධයකින් පෙළී ඇති බවත්, ජුලි 13 වන දින රාත්‍රියේ නිවසින් බැහැරව ගොස් ඇති බවත් විමර්ශනයේදී  අනාවරණය වී ඇත.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර,  ගලේවෙල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි. 

මේ අතර, දැරණියගල පොලිස් වසමේ බෝපකන්ද ඔයෙහි පුද්ගල මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත දැරණියගල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 27ක් වූ දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ‍

මාත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දැරණියගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, දැරණියගල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.