මාරක අනතුරක් - පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි
July 14, 2026 03:54 pm
A9 මාර්ගයේ මැදවච්චිය, වහමලු ගොල්ලෑව ප්රදේශයේ අද (14) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය,වහමලුගොල්ලෑව, පාසල අසල පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
හැටන්,කොටගල ප්රදේශයේ සිට වවුනියාව දෙසට ධාවනය කල ලොරි රථයක , මැදවච්චිය සිට අනුරාධපුර දෙසට ධාවනය කල යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත.
යතුරුපැදිකරු අධිකරණ කටයුත්තකට මැදවච්චියට ගොස් නැවත සිය නිවස කරා ගමන් කරමින් සිටින විට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව විරුද්ධ මන්තීරුවට ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
ලොරි රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලීස් රථ වාහන අංශය වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබයි.
