දියේ ගිලී අතුරුදන් වූ පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි
July 14, 2026 02:20 pm
ලිදුල පොලිස් වසමට අයත් ලිදුල අපර කන්ද වතුයායේ පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක් අසළින් ගලා බසින ආග්‍රාඔයේ මාළු ටැංකියට ගල් එකතු කිරිමට ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවාගේ සිරුර නුවරඑලිය කොට්ඨාශ පොලිස් ජීවිතාරක්ෂක බලකායේ නිලධාරීන් විසින් අද (14) දහවල් ගොඩගනු ලැබීය.
මෙසේ ගොඩගනු ලැබූවේ, සරස්වති දෙමළ මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන පරමානන්දන් කිසෝක් නැමති 14 හැවිරිදි පාසල් සිසුවෙකි.
ලිදුල පොලිස් වසමට අයත් ලිදුල අපරකන්ද වතුයායේ පිහිටි පෞද්ගලික ජල විදුලි බලාගාරයක් අසළින් ගලා බසින ආග්‍රාඔයේ මාළු ටැංකියට ගල් එකතු කිරිමට ගිය පාසල් සිසුවෙකු එම ඔයේ ගිලී ඊයේ (13) අතුරදන් වී තිබුණි.
එම සිසුවා සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් දියත් කලද, එය ව්‍යර්ථ වූ නිසා අතුරුදහන් වූ සිසුවාගේ සිරුර සොයා ගැනීමට නොහැකි වී තිබේ.
මියගිය සිසුවා ඊයේ තවත් සිසුන් 09 දෙදෙනෙකු සමඟ පාසල නිමි වී ආග්‍රාඔයේ මාළු ටැංකියට දැමීම සඳහා ගල් එකතු කිරීමට ගොස් දිය නාමින් සිටියදී එක් වරම සිසුවා දියේ ගිලී අතුරුදහන් වී ඇති බව පොලීසිය පැවසීය.
ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑලිය දිස්ත්‍රික් මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලිදුල පොලීසිය පැවසීය.
