මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන

මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන

July 14, 2026   12:50 pm

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය මෙතරම් දුරදිග යෑමට හේතුව සිරකරුවන් පිළිබඳ තිබූ පූර්ව විශ්වාසය බව හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසයි. 

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මේ බව පැවසීය. 

"ඉරිදා දවස වෙනකොට අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා රැඳවියන් දෙදෙනෙකු මිය යනවා. ඒක නිලධාරීන්ට ව්‍යාප්තවෙලා තිබුණේ නැහැ. පසුවදා උදේ අපේ නිලධාරීන් පිරිසක් සන්නද්ධ නොවී අර බන්ධනාගාරය ඇතුළට යනවා."

"මෙතන තිබුණු ලොකුම සහ ප්‍රධානම ප්‍රශ්නය තමයි සිරකරුවෙක් ගැන තිබුණු පූර්ව විශ්වාසය."

"මගේ බන්ධනාගාර ජීවිතය අවුරුදු 38කට ආසන්නයි. මං කවදාවත් මොන අවස්ථාවකවත් සිරකරුවෙකු විශ්වාස කරලා නැහැ." 

"ඒක නිසා මං හිතනවා..අපේ නිලධාරීන්ට බරපතළ වැරැද්දක් වුණා. රැඳවියන් විශ්වාස කරලා බන්ධනාගාරය ඇතුළට ගිය එක." 

"43000ක් ඉන්න තැන 5500ක් වගේ නිලධාරීන් පිරිසකට තමයි බර දරන්න වෙලා තියෙන්නේ."