නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ෂැම්පු පැකට් තොගයක් අල්ලයි

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ෂැම්පු පැකට් තොගයක් අල්ලයි

July 14, 2026   10:38 am

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ෂැම්පු පැකට් තොගයක් තලෙයිමන්නාරමේදී නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

නාවික නෞකා තම්මැන්නා ආයතනයට ලද තොරතුරකට අනුව තලෙයිමන්නාරම, ඌරුමලෙයි වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී මෙම ෂැම්පු පැකට් තොගය සොයාගෙන ඇත.

එහිදී ෂැම්පූ පැකට් 5,386ක පමණ තොගයක් නාවික හමුදාව විසින් සොයා ගෙන ඇති අතර ඒවා ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කර තිබේ.