විම්බල්ඩන් ටෙනිස් ශුරතාව මෙවරත් යානික් සිනර්ට

විම්බල්ඩන් ටෙනිස් ශුරතාව මෙවරත් යානික් සිනර්ට

July 13, 2026   07:17 am

විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශුරතාවය දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක යානික් සිනර් සමත් විය.

ඒ ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වේරෙව් පරාජයට පත්කරමිනි.

ඊයේ (12) පැවති අවසන් තරගයේදී යානික් විසින් ස්වේරෙව් 6ට 7ක්, 7ට 6, 6ට 3ක් සහ 6ට 4ක් ලෙස පරාජයට පත් කළේය.
 
ඒ අනුව යානික් සින්නර් අඛණ්ඩව විම්බල්ඩන් ශුරතාවය දිනාගත් දෙවන අවස්ථාව මෙය වේ.

ඔහු පසුගිය වසරේ පැවති තරගයේ දී මෙම ශුරතාවය දිනා ගනු ලැබුවේ එතෙක් වරස 148ක ඉතිහාසය තුළ විම්බල්ඩන් ශුරතාවය දිනා ගත් පළමු ඉතාලි ක්‍රීඩකයා බවට පත් වෙමිනි.