වනජීවි නිලධාරීන් සේවයෙන් ඉවත්වී අසනීප නිවාඩු වාර්තා කරයි
July 13, 2026 06:24 am
සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින් වනජීවී දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති සාමාජිකයින් අද (13) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ.
මෙම විරෝධය හේතුවෙන් අද දිනයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කර ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ථලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉන්දික පීරිස් මහතා අවධාරණය කළේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා අත්තනෝමතික ලෙස ක්‍රියා කරමින් වර්තමානයේ සේවය කරන සියලුම නිලධාරීන්ට අගතියක් වන අයුරින් මෙම බඳවා ගැනීම් සිදු කිරීමට උත්සාහ කරන බවය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ථලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉන්දික පීරිස් මහතා,
"වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ඉතාම අත්තනෝමතික විදිහට, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමානයේ සේවය කරන සියලුම නිලධාරීන්ට අගතියක් වන ආකාරයට සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙපාර්තමේන්තුවට බඳවා ගන්න උත්සාහ කරනවා. අපි අධ්යක්ෂ ජනරාල්වරයාට කිව්වා 'මේ අපි බඳවා ගැනීමට විරුද්ධ නෑ, හැබැයි මේ බඳවා ගන්නා ක්‍රමවේදය තියෙන අඩුපාඩු සම්බන්ධයෙන් අපිත් එක්ක සාකච්ඡා කරන්න අවස්ථාවක් ලබා දෙන්න' කියලා.
නමුත් ඔහුගේ තියෙන අත්තනෝමතික භාවය නිසා අපිත් එක්ක කිසිම සාකච්ඡාවක් නොකොට, ඔහුගේ හිතුමතේට මේක වැරදි ආකාරයෙන් මේ බඳවා ගැනීම් සිද්ධ කරනවා. අපේ ක්ෂේත්‍ර සහයක, ද්විතීයික මට්ටමේ නිලධාරීන් විතරක් නෙමෙයි, වනසත්ව නියාමක, අඩවි සහකාර, අඩවි ආරක්ෂක ඇතුළු සියලුම දෙපාර්තමේන්තුවේ සිටින සියලුම නිලධාරීන්ට මේකෙන් බරපතල හානියක් සිද්ධ වෙනවා.
අපිට 13 වෙනිදාට පෙර සාකච්ඡාවක් ලබා දෙන්න. මේ වෙනකන් අධ්යක්ෂ ජනරාල්වරයා අපිට සාකච්ඡාවක් ලබා දුන්නේ නෑ. මේ තත්ත්වය නිර්මාණය කරේ ඔහුමයි. ඒ නිසා අපි අද දවසේ බත්තරමුල්ල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් කරනවා. ඒ විතරක් නෙමෙයි, අපි අද දවසේ ක්ෂේත්රයේ බොහෝ නිලධාරීන් අසනීප නිවාඩු දානවා..."
මේ සම්බන්ධයෙන් අද දෙරණ වනජීවී අධ්යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතාගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු සදහන් කළේ සේවකයින්ගේ ගැටලු සඳහා සාකච්ජාවක් ලබාදී ඇති බවය.
කෙසේ වෙතත් සිවිල් ආරක්ශක නිලධාරීන් වනජීවී දෙපාර්තමේන්තුව සඳහා අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට පරිසර අමාත්‍යංය මගින් කමිටුවක් පත්කර ඇති අතර එමගින් ඉදිරි ක්‍රියා මාර්ග පිළිබද තීරණය කරනු ඇති බවද වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.
