ඉරාන ප්‍රහාරවලින් කටාර් වැසියන් තිදෙනෙකුට තුවාල
July 12, 2026 05:10 pm
ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරවලින් සිය වැසියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව කටාර් විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
අදාළ ප්‍රහාර හෙළා දකිමින් ඔවුන් සඳහන් කර ඇත්තේ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තම රටට පවතින බවය.
ඉරානය විසින් තම රට වෙත එල්ල කරන ලද ප්‍රහාර, ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් මෙන්ම සිය රටේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය උල්ලංඝණය කිරීමක් ද වන බව කටාර් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත.
අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරානය විසින් ගල්ෆ් කලාපයේ අමෙරිකානු හමුදා කඳවුරු පිහිටි කටාර්, බහරේන්, කුවේට්, ජෝර්දාන්, ඕමාන් ඇතුළු රටවල හමුදා ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණි.
