නව නාවික හමුදාපති ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනී 

නව නාවික හමුදාපති ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනී 

July 12, 2026   11:30 am

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් මහතා අද (12) පෙරවරුවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ආශීර්වාද ලබා ගත්තේය.

එහිදී නව නාවික හමුදාපතිවරයා රටේ සාමය, ජාතික ආරක්ෂාව සහ ජනතාවගේ යහපත වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කළේය.

ආගමික වතාවත්වලට පෙර වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගත්හ.

මේ සඳහා නව නාවික හමුදාපතිවරයා සමඟ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.