අපේ අධ්‍යාපනය තුළ විවිධත්වය පිළිගත යුතුයි - අගමැති
July 12, 2026 11:16 am
මෙරට පවතින අධ්‍යාපන ක්‍රියාවලිය තුළ විවිධත්වය පිළිගත යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.
රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන"සරසවි දිරියෝ අභිමන්" සුවිශේෂී ශිෂ්‍යාධාර වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ (11) අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.
එම වැඩසටහනට සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේය.
එහිදී ආබාධ සහිත සරසවි සිසුන්ට රු 100,000 ශිෂ්‍යාධාරයක් ද පිරිනමන ලදී.
මේ අතර, කිසිදු දරුවෙකු අධ්‍යාපන පද්ධතියෙන් බැහැර නොකොට විශේෂ අවශ්‍යතා සහිත සියලුම දරුවන්ට ද අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශයක් ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍යවරිය පවසා තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කළේ, විශ්වවිද්‍යාල තුළ ඔවුන්ට අවශ්‍ය ප්‍රායෝගික පහසුකම් සලසාදීමේ සුවිශේෂී වගකීමක් උපකුලපතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන්ට පැවරෙන බවයි.
