පිලිපීනයේ නායයෑම්වලින් 15කට වැඩි පිරිසක් මරුට
July 11, 2026 10:31 pm
පැසිෆික් කලාපය හරහා හමායන ප්‍රබල භාවි කුණාටුවේ බලපෑම මත පිලිපීනයේ ඇති වූ නායයෑම්වලින් පුද්ගලයින් 15කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
මෙම සුළි කුණාටුවෙන් තායිවානය, ජපානය, උතුරු මරියානා දූපත් ඇතුළු රටවල් රැසක් පීඩා විඳිමින් සිටින අතර එය ඉදිරි දිනවලදී චීනය දෙසට හමා යනු ඇතැයි අපේක්ෂිතය.
ක්‍රම ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින භාවි කුණාටුව මිලියන 10 ක ජනතාවක් වාසය කරන නැගෙනහිර චීනයේ වෙන්ෂෝ නගරය වෙත ළඟා වීමට නියමිත බව සඳහන්ය.
එම ජනතාවට අධික වර්ෂාපතන සහ ගංවතුර අනතුරු ඇඟවීම් ද දැනටමත් නිකුත් කර ඇත.
මේ අතර චීනය සහ තායිවානයට බලපෑ මේසැක් කුණාටුවෙන් චීනයේ ඇතිවූ ජලගැලීම් තවමත් පහව ගොස් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
