මතුගම නිවසකට වෙඩි ප්‍රහාරයක්

මතුගම නිවසකට වෙඩි ප්‍රහාරයක්

July 11, 2026   09:37 pm

මතුගම නෑබොඩ ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

අද (11) පස්වරුවේ පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.

පොලීසිය සැක පළ කරනුයේ T 56 ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

කෙසේ වෙතත් මින් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.