තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

July 11, 2026   10:51 am

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ බටලීය මංසන්ධිය ප්‍රදේශයේ සිදුවූ දරුණු රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ යතුරුපැදියක්, කොළඹ දෙස සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක හා ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් බලපතල තුවාල ලැබූ තරුණයින් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 20 හා 21 යන වයස්වල පසුවූ රදාවඩුන්න ප්‍රදේශයේ පදිංචි ව සිටි තරුණයින් දෙදෙනෙකි.