යුද ගිනි මැද ලෝක තෙල් මිල යළි ඉහළට
July 9, 2026 05:58 am
අමෙරිකාව සහ ඉරානය යළි ප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ ලොක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, අද (09) උදෑසන 6.00 වන විට WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 74.28 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.03ක වර්ධනයකි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 78.81ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.01ක වැඩිවීමක් ලෙස වාර්තා වේ.
කෙසේවෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.57ක් ලෙස දැක්වෙන අතර එය සියයට 6.67ක ඉහළ යාමක් ලෙස දැක්වේ.
අමෙරිකාවෙන් ඉරානයට පිට පිට දෙවන දිනටත් ප්‍රහාර
අමෙරිකාව විසින් ඉරානය වෙත දෙවන දිනටත් නව ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
ඉරානය සමග ඇති කරගත් සාම ගිවිසුම අවලංගු බවත් ඉරානයට ප්‍රහාර එල්ල කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව මෙම ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව හෝමුස් සමුද්‍ර සන්දියේ සිරික් සහ බන්ඩාර් අබ්බාස් යන ප්‍රදේශවලට අමෙරිකාව විසින් ප්‍රහාර එල්ල කර තිබේ.
ඉරානයේ තෝරාගත් ඉලක්ක වෙත ප්‍රහාර 80ක් පමණ එල්ල කර ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත.
ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ඉරානය විසින් නෞකාවලට බෝම්බ එල්ල කිරීමට පළිගැනීමක් වශයෙන් මෙම ප්‍රහාරය සිදුකළ බවය.
ඉරානය විසින් තවදුරටත් නෞකාවලට ප්‍රහාර එල්ල කරන්නේ නම් සිදුකරන ප්‍රහාර තිව්ර කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණි.
කෙසේවෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය විසින් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
