පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට ගැසට් නිවේදනයක්

පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට ගැසට් නිවේදනයක්

July 9, 2026   05:44 am

පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කර තිබේ. 

බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තියෙන් (54 වන අධිකාරිය වූ)  බන්ධනාගාර ආඥාපනතේ කාර්යයන් සඳහා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත.

මේ අතර පෙරේදා (07) දිනයේ දී ද  ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි. 

'අද දෙරණ' කළ විමසීමක දී අධිකරණ අමාත්‍යාංශය පැවසුවේ, වසාදැමුණු මහමෝදර රොහලේ කොටසක තාවකාලික පදනම මත මෙම බන්ධනාගාරය පවත්වාගෙන යෑමට නියමිත බවය.