හිටපු ජනාධිපති රනිල් අධිකරණයට

හිටපු ජනාධිපති රනිල් අධිකරණයට

July 8, 2026   01:46 pm

අධිකරණ කටයුත්තක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබුණි.

ඒ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට අදාළ පැමිණිල්ලේ පරීක්ෂණවල ප්‍රගතිය අද (08) අධිකරණයට දැනුම්දෙන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා දැනුම්දී තිබීම හේතවෙනි.