සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප වෙයි
July 8, 2026 12:14 pm
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් අද (08) ප්රතික්ෂේප කළේය.
මෙම සැකකරුට ඇප ප්රදානය කිරීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඔහුගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරන බව කොළඹ කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
ඒ අනුව සැකකරු ලබන 22 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියම කළේය.
