මුහුදු යන අයට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

මුහුදු යන අයට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

July 8, 2026   11:59 am

කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.

එබැවින්, මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.