අමෙරිකානු ප්‍රහාර හමුවේ තෙල් මිල සියයට 3කින් ඉහළට

අමෙරිකානු ප්‍රහාර හමුවේ තෙල් මිල සියයට 3කින් ඉහළට

July 8, 2026   06:14 am

ඉරානයට එරෙහිව අමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල 3%කින් පමණ ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද උදෑසන 6.15 වන විට, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 72.04 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 2.27ක වර්ධනයකි. 

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.78ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 2.18ක වැඩිවීමක් ලෙස වාර්තා වේ.

කෙසෙවෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 68.97 ලෙස දැක්වෙන අතර එය සියයට 3.43ක ඉහළ යාමක් ලෙස දැක්වේ.