header logo
Vallibel FD
සයුරෙන් එතෙර
ඉන්දියාවේ නායයෑමකින් දෙදෙනෙක් මරුට
Jul 07, 202601:16 PM
ඉන්දියාවේ නායයෑමකින් දෙදෙනෙක් මරුට
Mobitel 1278

ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ කේරළයේ වයනාඩ් දිස්ත්‍රික්කයේ සිදු වූ දරුණු නායයෑමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් කිහිපදෙනෙකු පස්වලට යටවී ඇති බවට සැක පළකෙරේ.

මෙම අනතුර සිදුව ඇත්තේ මලප්පුරම් සහ වයනාඩ් දිස්ත්‍රික්ක යා කරන "අනාක්කොම්පොයිල්-මෙප්පාඩි" උමං මාර්ග ව්‍යාපෘතියේ කල්ලාඩි මීනාක්ෂි පාලම අසල බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේදී එහි ඉදිකිරීම් සේවකයින් පිරිසක් වැඩ කරමින් සිට ඇති අතර මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවී සිටින බවට බලධාරීන් සැක කරයි.

තුවාල ලැබූ හය දෙනෙකු රෝහල් ගත කර තිබේ.

පසුගිය පැය 24 තුළ මෙම ප්‍රදේශයට මිලිමීටර් 265ක අධික වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, එය මෙම නායයෑමට හේතු වී ඇත.

ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ නිලධාරීන් 60 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් දෙකක් සහ ගිනි නිවන භටයින් වහාම එම ස්ථානයට ගොස් සහන සේවා ආරම්භ කර තිබේ.

තත්ත්වය වඩාත් බරපතළ කරමින් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) විසින් වයනාඩ් සහ කෝෂිකෝඩ් දිස්ත්‍රික්ක සඳහා "රතු නිවේදන" නිකුත් කර ඇත.

බටහිර ඝාට්ස් කඳු පන්තියට අයත් වයනාඩ් දිස්ත්‍රික්කය කේරළයේ නායයෑම්වලට වඩාත්ම ගොදුරු විය හැකි කලාපය ලෙස හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

මෑත ඉතිහාසයේ දරුණුතම නායයෑමෙන් මුන්ඩක්කයිහි මිනිස් ජීවිත 298ක් අහිමි විය.

මුන්ඩක්කයි සහ කප්පිකලම් ප්‍රදේශවල සිදු වූ නායයෑම්වලින් පිළිවෙළින් ජීවිත 14ක් සහ 11ක් අහිමි ව තිබේ.

පර්යේෂණවලට අනුව කේරළයේ වර්ග කිලෝමීටර් 17,000කට අධික ප්‍රමාණයක් නායයෑම් කලාප ලෙස සිතියම්ගත කර ඇති අතර, වයනාඩ්, මලප්පුරම් සහ කෝෂිකෝඩ් දිස්ත්‍රික්ක සීමා මෙහිදී වඩාත්ම අවදානම් සහගත කලාප ලෙස සැලකේ. එමෙන්ම මෙම කලාපය මධ්‍යස්ථ භූමිකම්පා අවදානම් කලාපයක් (Zone III) ලෙසද වර්ග කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්