අමෙරිකාවේ වෙඩි තැබීමක්
July 5, 2026 03:34 pm
අමෙරිකාවේ නිව්යොක්හි කොනි දූපත් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් ඇතුළු 08දෙනෙකු තුවාල ලබා තිබේ.
එරට වේලාවෙන් ඊයේ (04) රාත්‍රී 10.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර අවුරුදු 06, 07, 12 සහ 14 යන වයසවල පසුවන ළමුන් සිව්දෙනෙකු ද ඒ අතර සිටින බව සඳහන්.
කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා නිව්යොක් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
