උපන්දින සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
July 5, 2026 10:56 am
කඩවත, ඉහළ බියන්විල ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝතනය කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 54ක් කඩවත ප්රදේශයේ පදිංචිකරුවෙකු වේ.
අදාළ පුද්ගලයා ඔහුගේ සහෝදරයෙකුගේ උපන්දින සාදයකට සහභාගි වී ඇති අතර එහිදී ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එමෙන්ම මෙම පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු රාගම රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
