තීරුබදු රහිතව ගෙන්වූ දුම්වැටි සහ මත්පැන් බෝතල් සමග අයෙකු අත්අඩංගුවට
July 5, 2026 08:13 am
තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි සහ මත්පැන් බෝතල් රැසක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (04) රාත්‍රියේදී කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය ප්‍රදේශයේදී කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 14,600ක් විදෙස් මත්පැන් බෝතල් 28ක් හා විද්‍යුත් දුම්වැටි සඳහා යොදන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 71 ග්‍රෑම් 800ක් පොලිස් භාරයට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 27 හැවිරිදි හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය.
සිද්ධිය සම්බන්ධව කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වති.
