
ආසියා-පැසිෆික් කලාපය සමග පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන සතියේදී ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල නිල සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අග්‍රාමාත්‍ය මෝදි ලබන සඳුදා ඉන්දුනීසියාවට ළඟා වීමට නියමිත අතර, අනතුරුව ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත.
ඔහු මෙම නිල සංචාරය නිමා කරමින් ජූලි 11 වනදා නවසීලන්තයෙන් පිටත්වීමට නියමිත බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර ඉන්දියාවේ ප්‍රධාන අවධානය ඉන්දීය සාගරයේ නැගෙනහිර සමුද්‍රීය කලාප වෙත යොමුවී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.





















