කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - ඉසිතට ටෙස්ට් වරම්
July 3, 2026 07:17 pm
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ බ.ඉ. කොදෙව් සංචාරය අවසන් කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව නායක ධනංජය ද සිල්වා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙසන්කම් කිහිපයක් සිදුව තිබේ.
ඒ අනුව දකුණත් වේගපන්දු යවන්නෙකු වන ඉසිත විජේසුන්දර මෙම තරගයේදී මංගල ටෙස්ට් වරම් හිමිකරගෙන ඇත.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන 29 හැවිරිදි ඉසිත, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් 170වැනි ක්‍රීඩකයා වේ.
ඔහුට අමතරව ආබාධයකට ලක්ව සිටින ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වෙනුවට ළහිරු උදාරද මෙම තරගයට නම්කර ඇත.
