වවුනියාව නගරාධිපති ඉවත් කළ ගැසට්ටුව මහාධිකරණය අත්හිටුවයි
July 3, 2026 06:53 pm
වවුනියාව නගරාධිපති සුන්දරලිංගම් කාණ්ඩිපන්ව ධුරයෙන් ඉවත් කර උතුරු පළාත් ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීම නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ, ආණ්ඩුකාරවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් වවුනියාව මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම අද (03) සලකා බැලූ අවස්ථාවේදීය.
ඒ අනුව අදාළ ගැසට් නිවේදනය ජුලි මස 15 වෙනිදා දක්වා අත්හිටුවන ලෙස අධිකරණය නියෝග කළ බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ සමුන්දිරන් මහතා ප්රකාශ කළේය.
