ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

July 3, 2026   02:32 pm

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇල්ල රාවණා ඇල්ල පහළ ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබේ.

අනතුරින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී කාන්තාව විසින් අදාළ මෝටර් රථය ධාවනය කර ඇති අතර අනතුරට ලක්ව ඇත්තේ තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධව ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරති.