header logo
SLIC
සයුරෙන් එතෙර
බංග්ලාදේශය පාකිස්තානයෙන් සහල් ගන්න සැරසෙයි
Jul 03, 202601:27 PM
බංග්ලාදේශය පාකිස්තානයෙන් සහල් ගන්න සැරසෙයි
EDEX

රජයන් අතර ඇති කරගන්නා G2G එකඟතාවක් යටතේ පාකිස්තානයෙන් සහල් මෙට්‍රික්ටොන් 50,000ක් ආනයනය කිරීමට බංග්ලාදේශය සූදානම් වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඒ සඳහා වන ගිවිසුමට ජූලි මාසයේ පළමු සතිය තුළ අත්සන් තැබීමට නියමිත බවය.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ එරට රජයේ ආහාර සංචිත ශක්තිමත් කිරීම, දේශීය සහල් මිල ස්ථාවරව පවත්වා ගැනීම සහ අනාගතයේදී ඇතිවිය හැකි ඉල්ලුමට සරිලන පරිදි ප්‍රමාණවත් සහල් තොග සුරක්ෂිත කර ගැනීමය.

කෙසේ වෙතත්, මීට පෙර යුරෝපා සංගමය විසින් ආහාර සුරක්ෂිතතා ගැටලු මුල් කරගනිමින් පාකිස්තාන සහල් තොග කිහිපයක්ම ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙන්, බංග්ලාදේශයේ මෙම සැලසුම්ගත සහල් ආනයනය පිළිබඳව මේ වනවිට දැඩි කතාබහක් සහ විවාදාත්මක තත්ත්වයක් ද මතුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තානය තවමත් ලෝකයේ විශාලතම සහල් අපනයනකරුවන්ගෙන් එකක් වන අතර, ඔවුන් වාර්ෂිකව ආසියාව, අප්‍රිකාව සහ මැදපෙරදිග පුරා පිහිටි වෙළෙඳපොළවල් වෙත සහල් මෙට්‍රික් ටොන් මිලියන ගණනාවක් අපනයනය කරයි.

කෙසේවෙතත් සෞඛ්‍ය අවදානම හේතුවෙන්, ආනයනික සහල් මෙන්ම අනෙකුත් ආහාර ද්‍රව්‍යවල අඩංගු විය හැකි ඇෆ්ලටොක්සින් මට්ටම සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැඩි උපරිම සීමාවන් පනවා ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight