විදුලි සැර වැදීමෙන් තරුණයෙකු මරුට

විදුලි සැර වැදීමෙන් තරුණයෙකු මරුට

July 2, 2026   05:58 pm

රුවන්වැල්ල, බටුපිටිය ප්‍රදේශයේ පිහිටි වාහන සේවා මධ්‍යස්ථානයකදී විදුලි සැර වැදීමෙන් තරුණයෙකු මියගොස් ඇතැයි රුවන්වැල්ල පොලීසිය පවසයි. 

මෙලෙස මියගොස් ඇත්තේ එහි සේවය කළ 18 හැවිරිදි ගයාන් උදයංග නැමැති තරුණයෙකි.

අදාළ තරුණයා ත්‍රිරෝද රථයක් සෝදා පිරිසිදු කරමින් සිටියදී ජලයට විදුලිය කාන්දුවිම නිසා විදුලි සැර වැදී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරෙන් පසු මෙම තරුණයා කරවනැල්ල රෝහල වෙත රැගෙන ගොස් ඇතත් එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඔහු මියගොස් සිටි බවය.

සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.