ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාසවලට දැනුම්දීමක්

ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාසවලට දැනුම්දීමක්

July 2, 2026   01:04 pm

ලියාපදිංචි නොකළ සියලු වැඩිහිටි නිවාස එළැඹෙන සැප්තැම්බර් 30 වනදාට පෙර ලියාපදිංචිය සිදුකළ යුතු බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසයි.

එහි අධ්‍යක්ෂ කේ. චතුර මිහිදුම් මහතා 'අද දෙරණ'ට සඳහන් කළේ, ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් මේ දිනවල සමීක්ෂණයක් සිදුකරන බවයි.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ. චතුර මිහිදුම් මහතා,

"දැනට ශ්‍රී ලංකාව පුරාම තිබෙන වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන ලියාපදිංචි නොවීම සම්බන්ධයෙන් අපි සියලු දෙනාම දැනුවත්කරලා තමන්ගේ වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් තිබෙන මූලික තොරතුරු ලබා ගැනීමේ සමීක්ෂණයක් මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. මේ වන විට එම තොරතුරු ලබා නොදුන් දැනටත් වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන පවත්වගෙන යන කෙනෙක් ඉන්නවානම් අපි ලබා දී තිබෙන ගූගල් පෝරමය පුරවා එම තොරතුරු අපිට ලබා දෙන්න පුළුවන්. මේ ලියාපදිංචිය වැදගත් වෙන්නේ ඉදිරියේදී රජය විසින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවන විශේෂ වැඩසටහන් වෙනුවෙන් ඒ අයට දායකත්වය ලබා දෙන්න පුළුවන්. වැඩිහිටියෝ පස් දෙනෙක්ට වඩා නේවාසික රැකවරණය දෙන කෙනෙක් ලියාපදිංචි නොවෙනවානම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ සියලු දෙනාට පුද්ගලිකව ලිපි යොමු කරලා තියෙනවා සැප්තැබර් 30 දිනට කලින් ලියාපදිංචි කටයුතු සිදු නොකළොත් අපි ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවට. දැනට වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාව පවත්වාගෙන යන දැනට ලියාපදිංචි නොවුණු 311ක ලේඛනයක් තියෙනවා. ඒ 311ටම අපි පුද්ගලිකව ලිපි යොමු කරලා තියෙනවා"