සලේ උපවාසය අත්හරී
July 1, 2026 12:25 pm
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කළ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා නීතිඥ උපදෙස් මත ඔහුගේ උපවාසය නතර කිරීමට තීරණය කර තිබේ.
ඔහු උපවාසය ආරම්භ කිරීමෙන් අනතුරුව මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සුරේෂ් සලේ මහතාව පසුගිය පෙබරවාරි මස 25 වන දින පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන් අනතුරුව ඔහුව පැය 72ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් ඇරඹීය.
තමා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙසත් රඳවා තබා ඇති ස්ථානය වෙනස් කරන ලෙසත් ඉල්ලමින් සුරේෂ් සලේ මහතා පසුගිය දා ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කළේය.
කෙසේවෙතත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ සමඟ දිනෙන් දින පිරිහීමට ලක්වූ අතර, පසුගිය ජුනි මස 27 වන දින හෘදයාබාධ රෝගී තත්ත්වයකට මුහුණපෑවේය.
මේ වනවිටත් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
