Game of Thrones කතා මාලාවේ මකර බිත්තර වෙන්දේසි කෙරේ

Game of Thrones කතා මාලාවේ මකර බිත්තර වෙන්දේසි කෙරේ

July 1, 2026   11:49 am

ලෝක ප්‍රකට Game of Thrones කතාමාලාවේ පළමු වෙනි කොටසේදී ඩෙනේරිස් ටාගේරියන් (Daenerys Targaryen) චරිතයට තෑගි ලැබුණු සැබෑ මකර බිත්තර 3 සහ ඒවා දමා තිබූ ලී පෙට්ටිය ප්‍රථම වතාවට වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.

මෙම මුල්ම බිත්තර Heritage Auctions ආයතනය හරහා ජූලි 15 වැනිදා වෙන්දේසි කිරීමට නියමිත බව සඳහන් වෙයි.

වාර්තා වන ආකාරයට දැනටමත් මෙයට ඩොලර් 21,000ක ලංසුවක් ලැබී ඇති අතර, එය ඊට වඩා විශාල මුදලකට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව සඳහන් වෙයි.

මීට පෙරද එනම්, 2024 වසරේදී ද මේ ආකාරයට Game of Thrones කතා මාලාවට අයත්  Daenerys argaryenගේ ඇඳුම ඇතුළු Iron Throne අනුරුවක්, John Snow ගේ අසිපත, ආදී භාණ්ඩ කීපයක් වෙන්දේසි කරනු ලැබීය.

මේ අතර මෙම බිත්තර HBO (Home Box Office) ආයතනය විසින් තහවුරු කළ, කතා මාලාව සඳහා යොදාගත් සැබෑම බිත්තර ලෙසින් සහතික කර ලබා දෙන බවයි වාර්තාවල සඳහන් වෙයි.