හීලෑ අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
July 1, 2026 05:44 am
මැණික්හින්න, කරලියැද්ද ප්‍රදේශයේදී හීලෑ අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවට මැණික්හින්න පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මියගිය පුද්ගලයා අවුරුදු 61ක් වූ මැණික්හින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා ඊයේ (30) රාත්‍රියේ අලියාට ආහාර ලබා දීමට ගිය අවස්ථාවේ මෙසේ පහරදී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මැණික්හින්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
