ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස දුමින්ද හුලංගමුව පත් කෙරේ
June 30, 2026 06:58 pm
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයෙකු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පත් කරනු ලැබ තිබේ.
එහි සෙසු සාමාජිකයන් ලෙස විෂ් ගෝවින්දසාමි, හර්ෂණී රන්දිලිගම, මංගල කරුණාරත්න සහ කේ. ඒ. විමලේන්තිරරාජා යන මහත්ම මහත්මීහු පත් කර ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ එම මහත්ම මහත්මීන් වෙත භාරදෙන ලදී.

