වනාතවිල්ලුව ප්‍රදේශයේ දියේ ගිලී මියගිය සිසුන් සංඛ්‍යාව 04 දක්වා ඉහළට
June 30, 2026 05:44 pm
UPDATE - වනාතවිල්ලුව ප්‍රදේශයේ මංගලපුර විල්ලුවේ මල් කැඩීම සඳහා ඔරුවකින් ගිය පාසල් සිසුන් පිරිසෙන් මිය ගිය සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබේ.
සිසුන් 5 දෙනෙකු ඔරුවකින් යමින් සිටින අතරතුර මෙම ඔරුව පෙරළීමෙන් අනතුර සිදුව තිබුණි.
එහිදී එක් සිසුවෙකු පිහිනා ගොඩට පැමිණ දිවි බේරා ගෙන තිබූ අතර අනෙකු ළමුන් සිව්දෙනා දියේ ගිලී තිබේ.
එහිදී දියේ ගිලී ඇති අනෙක් සිසුන් සිව්දෙනා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගිය ළමුන් අවුරුදු 16 වියේ පසුවූ බණ්ඩාරනායකපුර හා මංගලපුර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සිද්ධිය සම්බන්ධව වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.
------------------
වනාතවිල්ලුව ප්‍රදේශයේ මංගලපුර විල්ලුවේ මල් කැඩීම සඳහා ඔරුවකින් ගිය පාසල් සිසුන් තිදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ විල්ලුවේ මල් කැඩීම සඳහා සිසුන් 05 දෙනෙකු ඔරුවකින් යමින් සිටින අතරතුර ඔරුව පෙරළීයාමෙන් සිසුන් පිරිස දියේ ගිලී ඇති බවය.
ඒ අතරින් එක් සිසුවෙකු මුදාගෙන ඇති අතර දියේ ගිලුණු සෙසු සිසුන් සියලුදෙනා වනාතවිල්ලුව රෝහලට ඇතුළත් කර ඇත.
ඒ අතරින් අසාධ්‍ය තත්ත්වයේ සිටි සිසුන් තිදෙනෙකු පුත්තලම රෝහලට මාරුකර යවා ඇති අතර ඔවුන් එහිදී මියගොස් ඇති බවද පොලිසිය පැවසුවේය.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් පිරිසකි.
