හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
June 30, 2026 03:46 pm
හෙරොයින් ග්‍රෑම් 3.074ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට අනුරාධපුර පළාත්බද මහාධිකරණයේ ශාලා අංක 01හි දී අද (30) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන ලදී.
මෙසේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ කැකිරාව පාර, තලාව පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකුටය.
මෙම නඩුව වසර හතරකට අධික කාලයක් තිස්සේ අනුරාධපුර මහාධිකරණය හමුවේ විභාග වී ඇති අතර, පැමිණිල්ල විසින් සැකයෙන් තොරව චෝදනා ඔප්පු කිරීමෙන් අනතුරුව අද දින අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුට මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
තලාව පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකට ලද රහසිගත තොරතුරකට අනුව මෙම මත්ද්‍රව්‍ය වැටලීම සිදුකර ඇත.
ඒ අනුව, තලාව පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.
