මඩකලපුවේ අලුත් පාලම දෙකඩ වෙයි - ජනතාව දැඩි පීඩාවට

මඩකලපුවේ අලුත් පාලම දෙකඩ වෙයි - ජනතාව දැඩි පීඩාවට

June 30, 2026   11:53 am

මඩකලපුව නගරයට පැමිණෙන ජනතාව භාවිත කරන ප්‍රධාන පාලම් අතරින් එකක් වන 'අලුත් පාලම' දෙකඩවී තිබේ. 

ඒ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට ලක්ව සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

පසුගිය ඉරිදා (28) පස්වරුවේ මෙම පාලම කැඩී ගොස් ඇති බව සඳහන්ය. 

මඩකලපුව නගරයට පැමිණෙන ජනතාව ප්‍රධාන පාලම් දෙකක් භාවිත කරන අතර ඉන් එක් පාලමක් මෙලෙස කැඩී ගොස් ඇති බව සඳහන්ය.