1983න් පසු අමෙරිකාවේ තෙල් සංචිත අවම මට්ටමට වැටෙයි
June 30, 2026 09:43 am
අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, එරට ප්රධාන තෙල් සංචිතයෙන් තවත් බොරතෙල් බැරල් මිලියන 5.5ක් අඩු වී තිබේ.
මේ වන විට එහි ඉතිරිව ඇත්තේ බැරල් මිලියන 325.7ක් පමණි.
මෙය 1983 මැයි මාසයෙන් පසු වාර්තා වූ අඩුම තෙල් ප්රමාණය බව විදෙස් වාර්තා පවසයි.
ඉරාන යුද්ධය නිසා ලෝක වෙළඳපොළේ ඇති වූ තෙල් හිඟය පියවීමට සහ ඉන්ධන මිල අඩු කිරීමට අමෙරිකාව එකඟ වී තිබුණි.
ඒ සඳහා සිය සංචිතයෙන් බැරල් මිලියන 172ක් නිදහස් කිරීමට ගත් පියවර නිසා මෙලෙස තෙල් අඩු වී ඇත.
