රු. ලක්ෂ 42ක විදෙස් දුම්වැටි තොගයක් සමග චීන කතක් අත්අඩංගුවට

රු. ලක්ෂ 42ක විදෙස් දුම්වැටි තොගයක් සමග චීන කතක් අත්අඩංගුවට

June 29, 2026   01:11 pm

රුපියල් ලක්ෂ 42ක වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ විදෙස් කාන්තාවක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකාරිය අද (29) අලුයම චීනයේ කුංමිං නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබු බව අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය.

ඇය විසින් එම දුම්වැටි තොගය "හරිත මාවත" ඔස්සේ පිටකරගෙන යමින් සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. 

එම කාන්තාව රැගෙන ආ ගමන් මලු තුළ තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි 28,000ක තොගයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය 40 හැවිරිදි චීන ජාතික ව්‍යාපාරික කාන්තාවක් බව ද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි.