header logo
SLIC
සයුරෙන් එතෙර
අධික උෂ්ණත්වයේ බලපෑමෙන් ප්‍රංශයේ මරණ 1,000ක්
Jun 28, 202604:35 PM
අධික උෂ්ණත්වයේ බලපෑමෙන් ප්‍රංශයේ මරණ 1,000ක්
EDEX

යුරෝපයට බලපා ඇති අධික උෂ්ණාධික කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් ප්‍රංශයෙන් වාර්තා වන මරණ 1000කින් පමණ ඉහළ ගොස් ඇති බව එරට මහජන සෞඛ්‍ය ආයතනය පවසයි.

මෙහිදී අධික උණුසුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවට බලධාරීන් විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල පුද්ගලයින් මියයාම ඉහළ ගොස් තිබේ.

මියගිය පුද්ගලයින්ගෙන් සියයට 85ක්ම වයස අවුරුදු 65ක් හෝ ඊට වැඩි වයසවල පසුවන්නන් බව සඳහන් වෙයි.

මේ අතර, ප්‍රංශයේ ඇතැම් ප්‍රදේශවලට මේවන විට සෙල්සියස් අංශක 40ට වඩා වැඩි උෂ්ණත්වයක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight