header logo
SLIC
ක්‍රීඩා
මෙසීගෙන් තවත් වාර්තාවක්
Jun 28, 202611:06 AM
මෙසීගෙන් තවත් වාර්තාවක්
EDEX

ලෝක කුසලාන පාපන්දු තරග හතක ගෝල ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ආජන්ටිනාවේ ලියොනල් මෙසී අද (28) සමත්විය.

ඒ, ජොර්දානය සමඟ පැවැති තරගයේ 80 වන විනාඩියේදී මීටර් 25ක දුරින් සිට නිදහස් පහරකින් ගෝලයක් වාර්තා කිරීමත් සමඟින්ය.

ඒ අනුව ඔහු බිඳහෙළනු ලැබුවේ, 1958 වසරේදී ප්‍රංශය වෙනුවෙන් ෆොන්ටේන් සහ 1970දී බ්‍රසීලය වෙනුවෙන් ජයිර්සින්හෝ අඛණ්ඩව රැස් කර තිබූ ගෝල රැස් කළ තරග හයක වාර්තාවය.

2022 කටාර්හි පැවති ලෝක කුසලානයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙසිගේ මෙම ගෝල දඩයම ආරම්භ විය.

ඉන් අනතුරුව නෙදර්ලන්තය සහ ක්‍රොඒෂියාවට එරෙහිව ද ගෝල ලබා ගත්තේය.

ප්‍රංශය සමඟ පැවති අවසන් මහතරගයේදී ගෝල දෙකක් මෙසිගේ නම ඉදිරියේ ලියැවිණි.

මෙවර ලෝක කුසලානයේ ඇල්ජීරියාවට එරෙහිව ගෝල ත්‍රිත්වයක් සහ ඔස්ට්‍රියාවට එරෙහිව තවත් ගෝල දෙකක් මෙසී ලබාගත්තේය.

ජෝර්දානයට එරෙහිව ඔහු ලබාගත් අද (28) ලබාගත් ගෝලය සමඟ ලෝක කුසලාන ගෝල සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම තරගය ගෝල 3ට එකක් ලෙස ආජන්ටිනාව ජයගන්නා ලදී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight